Tuesday, May 7, 2013

ගිටාර් පාඩම 1 ෴ ගිටාරය ගැන ෴

               බටහිර සංගීත භාණ්ඩ අතර තත් වාද්‍ය භාණ්ඩ ගණයට ගැනෙන ගිටාරය අද ලොව ජනප්‍රියම සංගීත භාණ්ඩයකී  ගිටාර් වර්ඟ කිහිපයක් ලොව පුරා තිබේ ඒ

* බොක්ස් ගිටාරය ( Box Guitar )

 


* ලීඩ් ගිටාරය ( Lead Guitar ) 



* රිදම් ගිටාරය ( Rhythm Guitar )



* බේස් ගිටාරය ( Bass Guitar )



( මා සිතනවා මෙ ගිටාර් ගැන වෙන වෙනම පැහැදිළි කිරීමක් අවශ්‍ය නොවෙයි කියලා  අවශ්‍ය නම් පහළ කමෙන්ට් කරන ලෙස කාරුණිකව ඉල්ලමී ) 

             ලීඩ් ගිටාර් , රිදම් ගිටාර් සහ බේස් ගිටාර් යන ගිටාර් වර්ගයන් බොහෝවිට විද්‍යුත් නිශ්පාදනයන් ලෙස නිර්මාණය කර ඇත .

              ආධුනිකයකු හට පළමුවෙන්ම විද්‍යුත් ගිටාරයක් ( Electric Guitar ) වාදනය කිරීමට පෙර අභ්‍යාස කිරීම සදහා බොහෝවිට සුරතට පත් වෙන්නෙ බොක්ස් ගිටාරයකී . එය අභ්‍යාසයේදී බොහෝ වැදගත් වේ . එයට හේතුව එය විදුලිය නොමැතිව වාදනය කල හැකි සංගීත භාණ්ඩයක් වීමයි . විද්‍යුත් ගිටාරයක් තරම් නාදය දුරට නොවිහිදුන ද සාමන්‍ය දුරකට ඇසෙන නාදයක් බොක්ස් ගිටාරයක පවතී .බොහෝවිට විද්‍යුත් ලීඩ් ගිටාර් , රිදම් ගිටාර් සහ බේස් ගිටාර් පෙනුමෙන් එක හා සමාන වේ . වෙනසකට තිබෙන්නෙ බේස් ගිටාරයේ තත් ( Strings ) හතරකුත් අනෙක් ඒවායේ තත් හයකුත් යනාදී තිබීමයි. එහෙනම් අපි ඊළඟ පාඩමේදී හමුවෙමු  එතෙක් සුබ දවසක් ...... ප්‍රශ්න තිබේනම් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිමි...............:)